RSS

Monday, June 25, 2012


දවසක් මූදු වෙරලේ බන්කුවක හාන්සිවෙලා.

පොඩ්ඩක් බීලද කොහෙද අප්ප හිටියෙ

මතකත් නෑ

අහස දිහා බැලුවම

ඔයාව මතක් උනා

ලස්සන හදකුයි තරු ගොඩකුයි


ඔයාගේ හිත හරියට අහසේ වලාකුලු වගේ

බලන්න එකම තැන නතර වෙලා ඉන්න හැටී

මගේ හිත නිකන් අහසේ තියන තරුවක් වගේ

එක තැනක කියල නෑ හතර වටේ


හිතට ආපු දුකටම ඇස් දෙක පිය උනා

ඒක වෙන්න බෑ

මේ හිතට දුක් දෙන්නෙ ඔයා

ආපහු ඇස් ඇරල බලද්දි තමයි

ඇත්තම දේ දැක්කේ


අහසේ තරු නෙවෙයි ගමන් කරන්නේ වලාකුලුනේ

ආයි ඇස් දෙක පියා ගත්ත නෝන්ඩියටම 

Thursday, March 31, 2011

මාව ලැජ්ජාවක්ලු


හිතුවේ නෑ කිසි දිනක
ඔබ මෙලෙස මට
බැන වදී මාව පහත් කරයි කියල
ඔයාට මාව ලැජ්ජාවක්ලු
යාලුවන්ට මම ඔයාගේ පිරිමි පරානේ කියන්න ලැජ්ජලු
ඔයාගෙන් ඔය ටික අහන්නද
මේ පිස්ස
අවුරුද ගානක් ඔයාට ආදරේ කරේ
ඔයා මොන හිතකින්ද එහෙම කියුවේ
ආපහු ඔයාම කියනව කියපුව ගනන් ගන් එපාලු
ඒ උනාට මගේ හිත රිදිල ඉවරයි
ඔයා කියපුව අනිත් අය කියනදේවල් වගේ
වම් කනෙන් අහල දකුනු කනින් පිටවෙන්නෙත් නෑ
ඒව හිතේ දෝන්කාර දෙනව
අව්ලක් නෑ දැන්මට ඕන දෙයක් විද දරා ගන්න පුලුවන්

Wednesday, February 9, 2011

කාලෙකින් මුකුත් ලියන්න උනෙත් නෑ


කාලෙකින් මුකුත් ලියන්න උනෙත් නෑ නෙ අලුත් වසරකුත් ලබල මාසෙකුත් ගිහින්. මමනන් අලුත් අව් රුද්ද ලබනකොට මෙහේ හිටියෙ නෑ නෙ. කියන්නත් බැරි උන්නා මම සන්චාරෙකට australia ව පැත්තට ගිහින් ආවනේ. දෙසැම්බර් ගියේ ආවේ ජනවාරි හතර.
අනේ මන්ද දන්නන් ජීවිතේ ගොඩාක් එපා වේලා .විබාගෙට තව මාස 6යි ඒක නිසාම මම බයික් එකකුත් ගත්තනේ.බයික් එකක් නැති ජීවිතේකින් වැඩක් නෑ
ම්ම්ම්ම්ම් කියන්නදේවල් ගොඩයි ඒත් දැන් තාත්ත එන වෙලාවනේ තාත්ත එනකොට මම නෙට් එකේ හිටියොත් ඒකට කන කොකා හඩනවනේ එක නිසා මම අදට නවතිනව ආපහු දවසක කවියකින් හම්බෙමු

Sunday, November 28, 2010


ඔයාගේ ඔය හිතුවක් කාර ඇස් හොයන
මගේ හිතුවක්කාර හිත
කොච්චර කියුවත් අහන් නෑ ඔයාමගෙන් ගොඩාක් දුරට ගිහින් කියලා
එක වෙලාවකට මේ හිතුවක්කාර හිත කියනවා
ඔය මේ ලග ඉන්නව වගේ දැනෙනවලු
මම ආදරෙන් ඔයාගේ ඔලුව ඉබිනකොට
ඒ ආපු සුවද ආපහු දැනෙනවලු
මගුල කෝ ඔයා ලග නෑනේ
හැමදාම මාතර බෝදිය ඉස්සරහින් යනකොට
මේ හිත මට මට මතක් කරල දෙනව
යා එක්ක බෝදිය ලගින් බැහැල
බෝදියට පඩුරක් දාල වැදල
දෙන්න එක්ක අත් අල්ලන් රස්තියාදු ගහපු හැටි
අනේ ආපහු ඒකාලේ එනවනන්
ඔයා මගෙන් ගොඩාක් දුරට ගිහින්

Saturday, November 6, 2010

ජීවිතේ මහ පිස්සන් කොටුවක්



ජීවිතේ මහ පිස්සන් කොටුවක්
කතා කරල වැඩක් නෑ හැමදේම එපා වෙලා
හෙට ඉදන් අලුත් ජීවිතයක් පටන් ගන්නව කියල හිතුවත්
මම
එකම තැන පල් වෙනව
කසූ මොකක්ද බන් උබේ ඔය ජීවිතේ
හැමෝටම පේන්න උඩින් හි
නාවෙලා
හිත යටින් මහා ගින්දරක් පත්තුකරන්
හැම දුකක්ම හිතට තුරුල් කරන්
ඉන්න උබේ ඔය හිත දවසක පුපුරාවි
අනාගතේ ගැන ලොකු ලොකු හීන නෑ
ඉපදුනාට ඔහේ වැනෙනවා

Thursday, August 5, 2010

ඇයි මාව දාල ගියේ?

Sunday, June 13, 2010

hmmzzzz

කෙලවෙයි කියා බයට රිමූව් කරන ලදී
කෙලවෙයි කියා බයට රිමූව් කරන ලදී

Thursday, June 10, 2010

මගේ මතකයන් පොඩ්ඩ පොඩ්ඩ මාව මරනව

Sunday, June 6, 2010

අඩන්න අඩන්න මට කරන්න දෙයක් නෑ

Friday, June 4, 2010

මගේ ආදරේට මොකද උනේ?

Wednesday, June 2, 2010

මේ චූටි කොල්ලට ආදරේ දෙනවද

Saturday, May 15, 2010

nokia phone එකක ලයිෆ් ටයිමර් එක reset කරන හැටි




වලින් මල් කඩන අය දන්නවනේ phone eke තියන ලයිෆ් ටයිමර් එක ගැන
ලයිෆ් ටයිමර් එක බලන්න දන්නෙ නැත්නන් මේ code එක phone එකේ ගහල බලන්න *#92702689#
එතකොට එනව අපි phone එකේ කතා කරපු මුලු කාලය..
මල් කඩන අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි තමන්ගේ phone එක විකුනන්න ගියාම කට්ටිය ලයිෆ් ටයිමර් එක බලල තමයි ගානක් කියන්නෙ ඒ කියන්නෙ කතා කාලය අඩු phones හොද ගානකට දෙන්න පුලුවන්


Image and video hosting by TinyPic

ඔන්න මම කියල දෙන්න හදන්නෙ nokia phone එකක කතා කාලය 0 කර ගන්න විදියක්



හැබයි පොඩි අව්ලක් තියනව මේක සමහර phones වල වැඩ නොකරන්න පුලුවන් නමුත් බහුතරයක් ලගදි ආපු
nokia phones වල වැඩ

කතා කාලය 0 කල හැකි මාදිලි ටිකක්
5700XM, 6110 Navigator, 6120 Classic, N70, N72, N73, E50, E51, E61i, E65, N80, N91, N95, N95 8GB, 5800



මේක කරන්න ඉස්සෙල්ල phone එක mashine එකට connect කරල nokia pc suite එක install කරගන්න

මෙන්න මේ ටික ඉස්සෙල්ලම download කරගන්න

Nemesis service suite link download
lifetimer.pm download

මේ දෙක extract කරගෙන nemesis service suit එක install කරගන්න

ඊට පස්සෙ Nemesis service suite එක run karanna කරන්න

ඊට පස්සෙ phone එක mashine එකට connect karanna((pc suite mode)) කරන්න

පහත රූපවල ඇති පරිදි කරගෙන යන්න

Image and video hosting by TinyPic

Scan for new Device එක click කරාම software එකෙන් phone eka එක ගන්නව


ඊට පස්සෙ phone info button එක click කරන්න
Image and video hosting by TinyPic

ඊට පස්සෙ දකුනු අත පැත්තෙ යට තියන Permanent Memory tab එක click කරන්න


ඊට පස්සෙ එන එකේ write කියල එකක් තියනව ඒක click කරල අපි කලින් downloadඩ කර ගතිපු lifetimer.pm එක open කරන්න

Image and video hosting by TinyPic

ඊට පස්සෙ ඒopen කරපු එක phone එකට install වෙනව හැබැයි 20% නවතිනව ඒත් බය වෙන්න එපා 20% නැවතුනාම phone එක computer eken disconnect එකෙන් කරල phone එක off කරල on කරල බලන්න 0 වෙලා ඇති

Image and video hosting by TinyPic


මොකක් හරි අව්ලක්නන් මට කියන්න මම උදව්වක් දෙන්නන් මේක කියවපු ඔක්කොටම ගොඩාක් ස්තූතී

Sunday, May 9, 2010

Thursday, March 18, 2010

හොල ගෙඩියා

Friday, February 19, 2010

ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී


මට හිනා වෙන්න කියල දුන්නු ඔයා
අද මට ඊටත් වඩා හොදට අඩන්න කියල දෙනව
මට සතුටින් ඉන්න කියල දුන්නු ඔයා
අද මට දුකින් ඉන්න කියල දෙනව
කමක් නෑ ඔයා සතුටින්නේ
මට ඒ ඇති
ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී
ඒත් මම ජීවිතේට කොහොම හරි මූන දෙනව

Saturday, February 13, 2010

අතට නිවාඩු



ලගදි දැකපු සිරා පින්තූරයක් ලොල්


Friday, February 12, 2010

අනුත්තරා


අනුත්තරා මම ඔයාට පනටත් වඩා අදරේ කරා
හිතට නෙතට සුවද ගෙනතියා
අනුත්තරා ඔයා මගේ මුලු ලොවම හීනයක් කරා
මතකද ඔයා කියුව
සදට රැයට තරුවලට හොරා නුබ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොද කරා කියල
ඒක ඇත්ත නෙවෙයිනෙ අනුත්තරා
ඔයානේ මාව දාල ගියේ
හිනා වෙන්න බරි තරමට
හදා ගන්න බැරි තරමට
නුබේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
හැමදෙයක්ම ඔයා විනාස කරා අනුත්තරා
ඒ උනාට අනූ තාම මම ඔයාට ඒදා වගේම ආදරෙයි
මතකද ඔයා කියුව මම ලියපු "හිනා වෙන්න බරි තරමට" කවිය
ලියුවෙ ඔයගේ හිතේ කියල
මම ඇහුව හිතක ලියපු කවි මෙච්චරකල් මතක තියනවද කියල මතකද
ඔයා කියුව ජීවිතේ තියනකල් ගොඩාක් කල් කියල
අන්තිමට ඔයා මගේ ඒ කවි හිතත් අරන් යන්න ගියා
ඒත් අනූ තාම ඔයාට ගොඩාක් ආදරෙයි

Sunday, February 7, 2010

කලකට පසු නැවතත් bike වලින් පිස්සුවක්






අද smsc එකෙන් organize කරපු hill climb 2010 එක තිබුනනේ උදේ පාන්දර ඒක බලන්න යන්න කට්ටිය සෙට් උනා .උදේ යනකොට තිබ්බේ 4ක් විතර ඔන්න ඉතින් කට්ටිය එත්නට ගිහිල්ල පැය 2ක් විතර එක බැලුව .ඉන්ටවල් එක අතරේ සෙට් එක එලියට ආව. එලියට එනකොට තව bike සෙට් එකක් සෙට් උනා අදුරන කොල්ලො සෙට් එකක්. උන් අහුව යමුද රගන්න කියල ((පන්ති අරින ට්යිම් එකනේ)) කොහොම කොහොම හලී කාර් එකකුත් සෙට් උනා මම කාර් එකට පැන ගත්ත.ඊට පස්සේ කියන්න ඔන නෑනෙ ඉතින්.මුලු මාතර ටව්න් එකේම පිස්සු නැටුව කාලෙකට පස්සේ ආතල් එකක් ගත්ත ඔය පින්තූර වල ඉන්නේ අපෙ සෙට් එක

Wednesday, February 3, 2010

මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ



පුළුවන් නම් මගේ හිතට එබිල බලන්න
මම බොහොම අමාරුවෙන්
මගේ හැගීම් වලට යතුරුදාල තිබුනේ
ඔයාව දැක්කම තවත් කොහොමද මම
හැඟීම් හිර කරන් ඉන්නේ
මාත් මනුස්සයෙක්
ඒත් ඔයා කියනව
"මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ" කියල
මම වදයක් වෙන්න හිතුවෙ නෑ
ඔන උනෙ වචනයක් කත කරන්න
මීට පස්සෙ මම ඔයාට වදයක් වෙන්නෙ නෑ....

Friday, January 29, 2010

ජනාදිපතිවරනය සාදාරනද???

ජනදිපතිවරනයත් ඉවර උන නේ.... අනේ මන්ද.මේ පාර ජනාදිපතිවරනය සාදාරනද ?? ගොඩාක් ආන්දෝලනයකට ලක් උනා.කට්ටිය කියනව බොරු ප්‍රතිපලලු දුන්නේ. දැන් ඉතින් ඕව කියල මොනා කරනද?? එක්කෙනෙක් දිනල ඉවරනේ.ඒ උනාට කියන්න කැමතී කවුරු හලී බොරුවක් කරානන් බොරුවට ආයුශ කෙටී.. ඒච්චරයි කියන්න තියෙන්නේ කියන්න දේවල් තීනෝ කියන්න බයයි.. මොකද ඒව කියුවොත් හෙට වෙනකොට මගේ බ්ලොග් එකට බෝම්බයක් ගහල තියෙවි හී හී හී.