RSS

Friday, February 19, 2010

ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී


මට හිනා වෙන්න කියල දුන්නු ඔයා
අද මට ඊටත් වඩා හොදට අඩන්න කියල දෙනව
මට සතුටින් ඉන්න කියල දුන්නු ඔයා
අද මට දුකින් ඉන්න කියල දෙනව
කමක් නෑ ඔයා සතුටින්නේ
මට ඒ ඇති
ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී
ඒත් මම ජීවිතේට කොහොම හරි මූන දෙනව

Saturday, February 13, 2010

අතට නිවාඩු



ලගදි දැකපු සිරා පින්තූරයක් ලොල්


Friday, February 12, 2010

අනුත්තරා


අනුත්තරා මම ඔයාට පනටත් වඩා අදරේ කරා
හිතට නෙතට සුවද ගෙනතියා
අනුත්තරා ඔයා මගේ මුලු ලොවම හීනයක් කරා
මතකද ඔයා කියුව
සදට රැයට තරුවලට හොරා නුබ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොද කරා කියල
ඒක ඇත්ත නෙවෙයිනෙ අනුත්තරා
ඔයානේ මාව දාල ගියේ
හිනා වෙන්න බරි තරමට
හදා ගන්න බැරි තරමට
නුබේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
හැමදෙයක්ම ඔයා විනාස කරා අනුත්තරා
ඒ උනාට අනූ තාම මම ඔයාට ඒදා වගේම ආදරෙයි
මතකද ඔයා කියුව මම ලියපු "හිනා වෙන්න බරි තරමට" කවිය
ලියුවෙ ඔයගේ හිතේ කියල
මම ඇහුව හිතක ලියපු කවි මෙච්චරකල් මතක තියනවද කියල මතකද
ඔයා කියුව ජීවිතේ තියනකල් ගොඩාක් කල් කියල
අන්තිමට ඔයා මගේ ඒ කවි හිතත් අරන් යන්න ගියා
ඒත් අනූ තාම ඔයාට ගොඩාක් ආදරෙයි

Sunday, February 7, 2010

කලකට පසු නැවතත් bike වලින් පිස්සුවක්






අද smsc එකෙන් organize කරපු hill climb 2010 එක තිබුනනේ උදේ පාන්දර ඒක බලන්න යන්න කට්ටිය සෙට් උනා .උදේ යනකොට තිබ්බේ 4ක් විතර ඔන්න ඉතින් කට්ටිය එත්නට ගිහිල්ල පැය 2ක් විතර එක බැලුව .ඉන්ටවල් එක අතරේ සෙට් එක එලියට ආව. එලියට එනකොට තව bike සෙට් එකක් සෙට් උනා අදුරන කොල්ලො සෙට් එකක්. උන් අහුව යමුද රගන්න කියල ((පන්ති අරින ට්යිම් එකනේ)) කොහොම කොහොම හලී කාර් එකකුත් සෙට් උනා මම කාර් එකට පැන ගත්ත.ඊට පස්සේ කියන්න ඔන නෑනෙ ඉතින්.මුලු මාතර ටව්න් එකේම පිස්සු නැටුව කාලෙකට පස්සේ ආතල් එකක් ගත්ත ඔය පින්තූර වල ඉන්නේ අපෙ සෙට් එක

Wednesday, February 3, 2010

මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ



පුළුවන් නම් මගේ හිතට එබිල බලන්න
මම බොහොම අමාරුවෙන්
මගේ හැගීම් වලට යතුරුදාල තිබුනේ
ඔයාව දැක්කම තවත් කොහොමද මම
හැඟීම් හිර කරන් ඉන්නේ
මාත් මනුස්සයෙක්
ඒත් ඔයා කියනව
"මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ" කියල
මම වදයක් වෙන්න හිතුවෙ නෑ
ඔන උනෙ වචනයක් කත කරන්න
මීට පස්සෙ මම ඔයාට වදයක් වෙන්නෙ නෑ....